ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ කුඩාවිල ප්රදේශයේ හේනකට ඇද තිබූ නීතිවිරෝධී විදුලි රැහැනක පැටලීමෙන් එක් වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15ක පමණ වයසැති වන අලියෙකි. මේ සිද්ධියට අදාළව සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.
දම්බරාව වැව්රක්ෂිතයෙන් හමුවූ අනෙක් අලියා
මේ අතර මහියංගන දම්බරාව වැව්රක්ෂිතයේ තිබී අවුරුදු විස්සක් පමණ වයසැති තවත් වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන ඇති බව මහියංගණය පොලිසිය සඳහන් කළේය.
මෙම වන අලියා මියයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මහියංගන වනජීවී කාර්යාලය පවසයි.
පොලිසියෙන් සහ වනජීවීයෙන් පුළුල් පරීක්ෂණ
මෙම වන අලි මරණ දෙක සම්බන්ධයෙන් මහියංගන පොලිසිය, ගිරාදුරුකෝට්ටේ පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





