වර්තමාන රජය කිසිවිටකත් නීතිය තමන්ගේ අතට ගෙන ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
මහනුවරදී 07 වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ගම්පහ මහේස්ත්‍රාත්වරයා ස්ථාන මාරු කිරීම පිළිබඳව තමන් නිසි ලෙස දැනුවත් වී නැති බැවින්, ඒ ගැන මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට නොහැකි බවද ඔහු පැවසීය.
ජනතා මර්දනය සහ උද්ඝෝෂණ අයිතිය
රජය විසින් ජනතාව මර්දනය කරන නීති ගෙනෙන බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළද එහි කිසිදු සත්‍යතාවක් නැති බව ඔහු අවධාරණය කළේය. ජනතාව මර්දනය කිරීමට අවශ්‍ය නම් දැනටමත් නීති පවතින බව පෙන්වා දුන් ඒ මහතා, ගෙන ඒමට සූදානම් වන පනත්වල යම් ගැටලුවක් වෙතොත් ඒවා සංශෝධනය කිරීමට හැකි බව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පවසා ඇති බවද සඳහන් කළේය.
මෙම කටයුතු සියල්ල ඉතා විනිවිදභාවයකින් සිදුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ පනත සම්මත වුවද උද්ඝෝෂණ කිරීමේ හැකියාව නැති නොවන බවත්, දැනුත් එදාටත් උද්ඝෝෂණ කිරීම ජනතාවගේ අයිතියක් බවත් වැඩිදුරටත් කියා සිටියේය.






