ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාදේශීය දේශපාලනයට එක්වෙමින්, කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් මෙට්‍රෝ කවුන්සිලයේ 11 වැනි දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මෙලිනා හෙට්ටිආරච්චි මහත්මිය අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්ව ඇත. මෙම මැතිවරණය 2026 නොවැම්බර් 03 වැනිදා පවත්වා තිබේ.
පවුල් නීතිය පිළිබඳ නීතිඥවරියක වන ඇය, සිය මැතිවරණ ව්‍යාපාරයේදී නගරයේ අයවැය වියදම් විනිවිදභාවයෙන් සිදු කිරීම, තීරණ ගැනීමේදී ප්‍රදේශවාසීන්ගේ අදහස්වලට වැඩි ඉඩක් දීම සහ පවුල් සඳහා සමාජ සහාය සේවා ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණු කරගත්තාය.
මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය
නිල ඡන්ද ප්‍රතිඵල අනුව එම කවුන්සිල අසුන ජයග්‍රහණය කිරීමට ඇයට හැකිවූයේ නැත. කෙවින් ක්‍රේමර් ඡන්ද 1,537ක් හෙවත් සමස්ත ප්‍රතිශතයෙන් සියයට 54ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. මෙලිනා හෙට්ටිආරච්චි ඡන්ද 1,331ක් දිනා ගත් අතර එය සියයට 46ක ප්රතිශතයකි.
අවසන් ප්‍රතිඵලයෙන් ඇයට අසුන අහිමි වුවද, ඇමරිකානු ප්‍රාදේශීය දේශපාලනයට මෙලෙස එක්වීමට ඇය ගත් පියවර විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැඩි අවධානයට හා කතාබහට ලක්ව ඇති බව වාර්තා වේ.






