2027 අයවැය මඟින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් අද (18) සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ගය රුහුණු විශ්වවිද්‍යාලය හැර අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බව එම කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
විරෝධතා පැවැත්වෙන අයුරු
රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන බැවින් එම විශ්වවිද්‍යාලය වැඩවර්ජනයෙන් නිදහස් කර ඇතැයි දැනුම් දී ඇත.
සෙසු සියලුම විශ්වවිද්‍යාල තම ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ සංවිධානය කරන අතර, කොළඹ නගරයේ පිහිටි විශ්වවිද්‍යාල කොළඹ එක් ස්ථානයකට රැස්ව විරෝධතාවයේ නිරත වීමට නියමිත බව ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය.
“වර්තමාන රජය, ඔවුන්ගේ මංගල අයවැයෙනුත් විශ්වවිද්‍යාල පද්ධතියට දැඩි අසාධාරණයක් සිදුකරා. ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යතුමිය, නියෝජ්‍ය මුදල් අමාත්‍යතුමා පැහැදිලි එකඟතාවයකට ආවා, මේ අයවැයෙන් ඒවා නිවැරදි කරනවා කියලා. 2027 අයවැයෙනුත් ඒවා නිවැරදි කළේ නෑ, තවදුරටත් ගැටලු නිර්මාණය කළා.”ධම්මික එස්. ප්‍රියන්ත






