ලාෆ්ස් ගෑස් සමාගම සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර අද (17) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් බවට තොරතුරු ලැබී ඇත. පසුගියදා ඉහළ දැමූ ගෑස් මිලෙන් කොටසක් යළි අඩු කිරීමට අදාළ සමාගම මේ වන විටත් එකඟතාවයකට පැමිණ ඇති බව ද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.
පසුගියදා වැඩි වූ හැටි
ලාෆ්ස් ගෑස් සමාගම විසින් පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.
ඒ අනුව, රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් වැඩි කෙරුණු අතර, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමන ලදී.






