හම්බන්තොට වරාය මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වසරේ පැවති විරෝධතාවක් අතරතුර පොදු දේපළවලට හානි කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හතළිස් එක් දෙනෙකුට අද (16) අධිචෝදනා පත්‍ර භාරදුන් බව වාර්තා වේ.
ඇප නියම වීම සහ විදෙස් ගමන් තහනම
අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු විත්තිකරුවන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා නියෝග කළේය.
ඊට අමතරව සියලුම විත්තිකරුවන්ට අදාළ වන පරිදි විදෙස් ගමන් වළක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.
නාමල් රාජපක්ෂ නොපැමිණීම ගැන දැනුම්දීමක්
මෙම නඩුවේ තිස් පස්වන විත්තිකරු වන, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයේ නඩුවකට අද පෙනී සිටින බැවින් හම්බන්තොට මහාධිකරණය හමුවට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත.






