බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වෙති. ඔවුන්ගේ සංචාරය අතරතුර පළමුවෙන්ම පැමිණ ඇත්තේ මුම්බායි නුවරටයි.
සචින් හමුව සහ වීදියේ ක්‍රිකට් තරගය
මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවක් වන සචින් තෙන්ඩුල්කාර් මුණගැසුණු රාජකීය යුවළ, ඔහු සමග සුහද කතාබහක නිරත වීමට පියවර ගෙන තිබේ.
ඉන්පසුව ඔවුන් මුම්බායි වීදියකදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමටද අමතක නොකළහ. එහිදී විලියම් කුමරු පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ අතර, රැස්ව සිටි පිරිස මවිත කරමින් කේට් කුමරිය දැවැන්ත හයේ පහරක් එල්ල කර සිය මනරම් පිතිහරඹය ප්‍රදර්ශනය කළ බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වාර්තාව ඇසුරින් සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





