ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වේ. මගීන් රැගත් බස් රථයක් අවාසනාවන්ත ලෙස ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයින් 06 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා මගින් තහවුරු කර තිබේ.
මීටර් 100ක් පහළට පෙරළී ගිය බස් රථය
අනතුර සිදුවූ අවස්ථාවේදී මෙම බස් රථය තුළ මගීන් 35ක පමණ පිරිසක් ගමන් කරමින් සිටි බව අනාවරණය වී ඇත. පාලමක් ආසන්නයේදී බස් රථය පාලනයෙන් ගිලිහී මීටර් 100ක පමණ ගැඹුරකින් යුත් ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





