පාස්කු ඉරු දින ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (25) එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට නියෝග කළ බව වාර්තා වේ.
අදාළ නියෝගය ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා මෙම තීරණය නිවේදනය කර ඇත.
CIDයට ලැබුණු නියෝගය
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසද මහේස්ත්රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කෙරිණි.






