අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමින් 2026 කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වූ බව වාර්තා වේ.

මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුල්සිලය විසින් සංවිධානය කර තිබිණි.

අවසාන තරගයේ දක්ෂතා

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා සමරවික්‍රම මුලින්ම පන්දුවට පහරදීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළාය. ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 97ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, පන්දුවාර 12යි පන්දු 04ක් තුළ කඩුලු 04ක් දැවී ලකුණු 99ක් ලබාගනිමින් ඉතා පහසුවෙන් ජයග්‍රහණය සනිටුහන් කළේය.

ටැග්lkanewsSri Lanka