ජාතික ජනබලවේගයේ පාලනය යටතේ පවතින කොලොන්න ප්රාදේශිය සභාවේ 2027 වර්ෂය වෙනුවෙන් සකස් කළ අයවැය අද පරාජයට පත් විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 9ක් හිමිවෙද්දී, විපක්ෂව ඡන්ද 10ක් ප්රකාශ වී තිබේ.
සභාවේ ආසන බෙදී ගිය ආකාරය
කොලොන්න ප්රාදේශිය සභාවේ 2027 වර්ෂය සඳහා වන මෙම අයවැය අද පළමු වරට සභාවට ඉදිරිපත් කළේ මාලිමාවට බලය හිමි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්රධානත්වයෙනි.
කොලොන්න ප්රදේශිය සභාව තුළ විපක්ෂයට ආසන 10ක් සහ ආණඩු පක්ෂයට ආසන 9ක් පවතින අතර, සභාපතිවරයා තෝරාගැනීමේ රහස් ඡන්දයේදී වැඩි ඡන්ද හිමිකර ගනිමින් සභාපති ධුරය ජාතික ජනබලවේගය විසින් ලබාගෙන තිබිණි. මීට පෙර එම සභාවේ 2026 වර්ෂයේ අයවැයද ජාතික ජනබලවේගය පරාජයට පත්වූ බව සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





