වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ සහාය ගැනීමට රජය තීරණය කර ඇත.
මේ වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ණය මුදල ලැබෙන ආකාරය
රජය ක්‍රියාත්මක කරන පුළුල් ආර්ථික ස්ථායිකරණ, ප්‍රකෘතිමත් කිරීමේ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව සිදු කළ ධනාත්මක ඇගයීමකින් අනතුරුව OPEC අරමුදල මෙම අමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදල ලබා දීමට එකඟ වී ඇති බව වාර්තා වේ.
මෙම ණය මුදල සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 24කින් සහ විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 6කින් සමන්විත වන අතර, එය ලෝක බැංකුව විසින් සපයන මූල්‍ය ආධාරයට සමගාමීව ලැබීමට නියමිත බව සඳහන් වේ.






