ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කරුණු පැහැදිලි කර ඇත. එම පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වුවත්, 2025 වසරේ සිට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව අතර හටගත් ලේකම් ධුරය පිළිබඳ ආරවුලක් හේතුවෙන් ලේකම් ධුරයේ ගැටලු පවතින පක්ෂයක් හැටියට නම් කර ඇති බව කොමිසම සඳහන් කරයි.

සාකච්ඡාව සහ අධිකරණ තීන්දුව

මෙම අර්බුදය නිරාකරණය කර දෙන ලෙස ලැබුණු ඉල්ලීම් අනුව අදාළ පාර්ශ්වයන් පසුගිය 06 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම එකඟත්වය මත තීරණය වී ඇත්තේ, ලේකම් ධුරයේ ආරවුල සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව ලැබුණු පසුව ඒ ගැන තීරණයක් ගැනීම සුදුසු බව යැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.