ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරය ආසන්නයේ මිසිසිපි ගංගාවේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී නෞකාවක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇමරිකන් හෙරිටේජ් නම් මගී කෲස් නෞකාව සහ අත්ලාන්තික් ඇස්ෆල්ට් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවයි.
නිව් ඕර්ලියන්ස් හි නැංගුරම්ලා තිබූ කෲස් නෞකාවේ මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වෙනවා.
අනතුර සිදු වූ ආකාරය
සිකුරාදා දහවල් කාලයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ පාලනය ගිලිහී ගොස් මෙලෙස මගී නෞකාවේ ගැටී ඇති බව වාර්තා වෙනවා. එහිදී මගී නෞකාව පෙරළී ගොස් තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාවේ දී මගී නෞකාව තුළ පුද්ගලයින් 200ක පමණ පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පසු එම නෞකාවේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු බරපතල නොවන තුවාල සහිතව රෝහල් ගතකර ඇති බව සඳහන්.






