ඉන්දියාවේ වෙසෙන තෝරාගත් විදේශිකයන් පිරිසක් වෙනුවෙන් එරට රජය විසින් වැදගත් තීරණයක් ගෙන ඇත. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සහ ටිබෙට් ජාතිකයන් ඇතුළු විවිධ කණ්ඩායම් කිහිපයක් සඳහා පැවති සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර සහ වීසා අවශ්‍යතා ලිහිල් කිරීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.
ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරන පරිදි, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම සංශෝධන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් මඟින් ක්‍රියාත්මක වූ 2026 ආගමන සහ විදේශිකයන් (නිදහස් කිරීමේ) (සංශෝධන) නියෝගය හරහා ය.
ප්‍රධාන කරුණු
- 2015 ජනවාරි 9 වන දින හෝ ඊට පෙර ඉන්දියාවට පැමිණ රැකවරණ ලබා ලියාපදිංචි වූ ශ්‍රී ලාංකික දෙමළ වැසියන්ට විදේශ ගමන් බලපත්‍ර සහ වීසා රෙගුලාසිවලින් නිදහස් වීම හිමි වේ.
- මෙම සංශෝධන ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිල ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
- පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ටිබෙටය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවලින් පැමිණි තෝරාගත් කණ්ඩායම් කිහිපයකට ද මෙම සහනය හිමි වේ.
ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සහ ටිබෙට් ජාතිකයන්ට සහන
සංශෝධිත නීතිරීතිවලට අනුව, 2015 ජනවාරි 9 වන දින හෝ ඊට පෙර ඉන්දියාවේ රැකවරණ පැතූ ලියාපදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුරවැසියන්ට සාමාන්‍ය ගමන් ලියකියවිලි සහ වීසා කොන්දේසිවලින් නිදහස් වීමේ සහනය හිමි වේ.
එමෙන්ම නිශ්චිත ටිබෙට් ජාතිකයන් පිරිසකට ද මෙම නිදහස් කිරීම් අදාළ වේ. 1959 සහ 2003 මැයි 30 අතර කාලය තුළ කත්මණ්ඩු නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ අවසරපත්‍ර සහිතව ඉන්දියාවට ඇතුළු වූවන් හෝ පසුව ඉන්දු-නේපාල දේශසීමාවේ නම් කරන ලද මුරපොළවල් හරහා විශේෂ අවසරපත්‍ර මඟින් පැමිණි පුද්ගලයන් මීට ඇතුළත් ය.
ඇතුළත් කර ඇති සෙසු විදේශිකයන්
ස්ථිර පදිංචිය සඳහා 2009 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර පැමිණි, එහෙත් පාකිස්තානය විසින් නිකුත් කරන පරිගණකගත ජාතික හැඳුනුම්පතක් (CNIC) නොමැතිව විදේශ ගමන් බලපත්‍ර අලුත් කරගත නොහැකි පාකිස්තාන ජාතිකයන් සඳහා ද මෙම ලිහිල් කළ නීති අදාළ වේ.
ආගමික හිංසනය හෝ ඒ පිළිබඳ බිය හේතුවෙන් 2024 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ඉන්දියාවට ඇතුළු වූ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල සුළුතර ආගමික කණ්ඩායම් ද මෙමඟින් ආවරණය වේ.
මීට අමතරව, මැලේසියානු හෝ සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍ර සහිතව 2009 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර නැවත ඉන්දියාවට පැමිණි ඇතැම් ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන්ට ද මෙම සහනය හිමි වේ. එමෙන්ම ඉන්දියාව, නේපාලය සහ භූතානය යන රටවල් තුන අතර සංචාරය කරන එම රටවල පුරවැසියන් සඳහා ද සංචාරක නීති පහසු කර ඇත.






