මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට මුහුණදීමට සිදුවූ පරාජයත් සමග අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් හා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සිය ධූරවලින් ඉවත්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණි.
කෙසේ වෙතත් එම තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ධවල මන්දිරය මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
මැතිවරණ පරාජය සහ ඉරාන තීරණ
ඉරානයට එරෙහිව ගනු ලැබූ යුධමය පියවර රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට ප්‍රධාන හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.
එම යුධ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධානීන් ලෙස ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් සහ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ කටයුතු කර ඇති අතර, මැතිවරණයෙන් පසු සිදුවන සංශෝධන හමුවේ ඔවුන් ඉවත්වනු ඇති බවට මත පළවී තිබිණි.






