ඉරානය සම්බන්ධයෙන් සාම බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.
වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට බොරතෙල් මිල 7%කින් පමණ අඩු වී ඇති බවයි. මේ හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාවට වඩා අඩු මට්ටමකට වැටී ඇත.
වර්ග අනුව මිල ගණන් පහත වැටුණු හැටි
නව මිල ගණන් අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.23ක් දක්වා අඩු වී තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.05ක් දක්වා පහත බැස ඇති අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 99.17ක් ලෙසය.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





