තුර්කියේ ඉස්මීර් (Izmir) වරාය නගරයට නුදුරින් පිහිටි ප්රසිද්ධ යකඩ සහ වානේ කර්මාන්තශාලාවක හදිසි පිපිරීමක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇත.
නඩත්තු කටයුතු අතරතුර සිදුවූ අනතුර
අනතුර සිදුව ඇත්තේ තුර්කියේ ප්රධාන පෙළේ වානේ නිෂ්පාදන ආයතනයක් වන අලියාගා (Aliaga) හි පිහිටි 'හබාස් ඩිමීර් සෙලික්' (Habas Demir Celik) කම්හලේය. එහි විදුලි ආස්රැත උදුනක (electric arc furnace) නඩත්තු කටයුතු සිදු කරමින් තිබූ අවස්ථාවේදී මෙම පිපිරීම හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය සහ තුවාල ලැබූ සියලුම දෙනා එම කම්හලේ සේවය කරමින් සිටි සේවකයින් බව සඳහන් වේ.






