ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan මහතා අතර හමුවක් 26 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදු විය.
දෙරට අතර පවතින දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීම සහ නීතිමය සහයෝගීතාව වර්ධනය කිරීම ගැන මෙහිදී අවධානය යොමු කෙරිණි. එම වැදගත් කරුණු ඇතුළත් විශේෂ අවබෝධතා ගිවිසුමකට ද දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදී.
අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට සහය
මෙරට අපරාධවලට සම්බන්ධ වී රුසියාවට පැනගොස් සැඟව සිටින පුද්ගලයින් මෙන්ම ඔවුන් සඟවා ඇති මූල්‍යමය හා දේපළ පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.
අපරාධයකින් උද්පාදිත දේ පිළිබඳ පනත යටතේ එවැනි දෑ නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු සහයෝගය නිරන්තරයෙන්ම ලබාදෙන බව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා පවසා ඇත.
අධිකරණ ක්ෂේත්රය ඇතුළු කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගයද ඔහුගේ පැසසුමට ලක්වූ අතර, මෙම අවස්ථාවට රුසියානු සමූහාණ්ඩුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






