ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වුණු ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පාර්ශ්වයට හෝ අයිසන්කොට්ගේ විපක්ෂ සන්ධානයට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් දේශපාලන පක්ෂ සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවලින් පසුව ජනාධිපති අයිසැක් හර්සෝග් විසින් මෙම පියවර ගෙන ඇත.
අයිසන්කොට්ගේ ප්‍රකාශය සහ ලැබුණු කාලය
නව රජයක් ගොඩනැගීමට අයිසන්කොට්ට දින 28 ක කාලයක් ලැබෙන අතර, අවශ්‍ය වුවහොත් තවත් දින 14 ක අමතර කාලයක් ඉල්ලා සිටීමටද හැකියාව පවතී.
ඊශ්‍රායලයේ හිටපු හමුදාපතිවරයකු වන අයිසන්කොට් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස ජාතික ආණ්ඩුවක් හැදීමට කාලය පැමිණ ඇති බවත්, ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බවත්ය.
පාර්ලිමේන්තුවේ ආසන බෙදී ගිය හැටි
නෙසට් සභාව ලෙස හඳුන්වන ඊශ්‍රායල පාර්ලිමේන්තුව ආසන 120 කින් සමන්විතය. මෙවර මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ 'ලිකුද්' පක්ෂය ප්රමුඛ සන්ධානයට හිමිවූයේ ආසන 53 ක් පමණි.
අයිසන්කොට්ගේ මධ්‍යස්ථමතධාරී 'යාෂාර්' පක්ෂය ප්රමුඛ විපක්ෂ කණ්ඩායම ආසන 48 ක් ජයග්‍රහණය කළේය. මේ අතර අරාබි පක්ෂ එක්ව ආසන 19 ක් දිනාගෙන ඇති බැවින්, නව ආණ්ඩුවක් සෑදීමේදී තීරණාත්මක බලය හෙවත් රජුන් තනන්නන් බවට ඔවුන් පත්ව ඇතැයි වාර්තා වේ.






