ලෝක බැංකුවේ 2026 ජාත්‍යන්තර ණය වාර්තාවට අනුව පාකිස්තානයේ විදේශ ණය පසුගිය දස වසර තුළ සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2015 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 68.7ක්ව පැවති විදේශ ණය, 2025 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 135.1ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා වේ.
2024 වසර අවසානයේදී එරට විදේශ ණය ප්‍රමාණය සටහන් වූයේ ඩොලර් බිලියන 129.9ක් ලෙසයි. ඒ අනුව මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 4ක පමණ වැඩිවීමක් ලෙස දැක්වෙනවා.
ණය ලබාගත් ආකාරය සහ ප්‍රධාන ණය හිමියන්
මෙම සමස්ත ණය මුදලෙන් ඩොලර් බිලියන 107.08ක්ම රජයේ සහ රජයේ ඇපකර මත ලබාගත් ඒවා වන අතර, රජයේ ඇපකර නොමැතිව පෞද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.58ක් වන බව සඳහන්. කෙටිකාලීන විදේශ ණය ලෙස තවත් ඩොලර් බිලියන 10.45ක් වාර්තා වී තිබෙනවා.
රජය ලබාගත් ණය අතුරින් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ප්‍රමාණය ඩොලර් බිලියන 56.83ක් වන අතර, ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගත් ප්‍රමාණය ඩොලර් බිලියන 42.43ක්. එරට විශාලතම තනි රටක ණය හිමියා වන චීනයට ඩොලර් බිලියන 22.4ක් පමණ ගෙවීමට ඇති අතර ලෝක බැංකුවට ඩොලර් බිලියන 19.2ක් සහ ආසියානු සංවර්ධන බැංකුවට ඩොලර් බිලියන 16.83ක් ගෙවිය යුතු බව වාර්තාවේ සඳහන් වෙනවා.
කලාපීය තත්ත්වය
2025 වසරේදී පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය එරට දළ ජාතික ආදායමෙන් සියයට 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මැදපෙරදිග, උතුරු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය ඇතුළත් කලාපයේ දළ ජාතික ආදායමට සාපේක්ෂව විදේශ ණය අනුපාතයද සියයට 26.7 සිට සියයට 29.4 දක්වා වැඩි වී ඇති බව සඳහන්.
ලෝක බැංකුවේ කලාපීය වර්ගීකරණ අතරින් වසරක් තුළ විදේශ ණය අනුපාතයේ විශාලතම ඉහළ යාම වාර්තා වී ඇත්තේ මෙම කලාපයෙන් බවද එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.






