කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ. ඒ අනුව අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

පාර වසන්නේ ඇයි?

කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින අනතුරුදායක ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. එම කටයුතු හේතුවෙන් මෙලෙස රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.