පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්රික්ක රැසකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම අනතුරු ඇඟවීම අද (09) රාත්රී 20:00 සිට හෙට (10) රාත්රී 20:00 දක්වා පැය 24ක කාලයක් සඳහා ක්රියාත්මක වන බව සඳහන් වේ.
අවදානයෙන් සිටිය යුතු ප්රදේශ
අනතුරු ඇඟවීමේ මට්ටම 2 හෙවත් ඇම්බර් මට්ටම යටතේ බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ද, ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ ද නම් කර ඇත.
ඊට අමතරව කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්රික්කයේ නිල්දන්ඩාහින්න, වලපනේ සහ අඹගමුව කෝරලේ, මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, ඇලපාත, අයගම සහ වැලිගෙපොල යන ප්රදේශ ඇතුළත් වේ.
විමසිලිමත් විය යුතු කහ මට්ටමේ ප්රදේශ
මට්ටම 1 හෙවත් විමසිලිමත් වීමේ කහ මට්ටම යටතට බදුල්ල දිස්ත්රික්කයේ මීගහකිවුල සහ ඇල්ල, කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක සහ සීතාවක, ගාල්ල දිස්ත්රික්කයේ තවලම, ඇල්පිටිය සහ කරන්දෙනිය ප්රදේශ නම් කර තිබේ.
එසේම කලුතර දිස්ත්රික්කයේ වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය, බුලත්සිංහල, මතුගම සහ අගලත්ත ද, මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර, තුම්පනේ, මිණිපේ, යටිනුවර, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත සහ ගඟ ඉහල කෝරලේ ද ඊට ඇතුළත් වේ.
තවද කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල සහ වරකාපොල, නුවරඑළිය දිස්ත්රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත සහ නෝර්වුඩ්, මොණරාගල දිස්ත්රික්කයේ වැල්ලවාය මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල, කොලොන්න, බලන්ගොඩ, රත්නපුර, කිරිඇල්ල සහ කුරුවිට යන ප්රදේශ ද මෙම මට්ටමට අයත් වේ.
ජනතාවට සහ රියදුරන්ට දැනුම්දීමක්
අධික වැසි නිසා මෙම ප්රදේශවල නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටියි. එමෙන්ම අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන් ද වඩාත් විමසිලිමත්ව ධාවනය කළ යුතු බව දැනුම් දී ඇත.






