රුවන්වැලි මහසෑය අභියස ක්රියාත්මක වන සත්යග්රහ භූමියට අද සවස්වරුවේ නාඳුනන පුද්ගලයෙකු කඩා වැදී ප්රශ්න කිරීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
අනුරාධපුර පූජා භූමිය තුළ මෙවැනි ක්රියා සිදු කිරීම සාසනයට අගෞරවයක් බව පවසමින් එම පුද්ගලයා සත්යග්රහයේ නිරතව සිටි ස්වාමීන් වහන්සේලාට දොස් පවරා තිබේ.
පොලීසියෙන් කළ මැදිහත්වීම
මෙම සිදුවීමත් සමඟ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ අදාළ පුද්ගලයා අතර උණුසුම් සංවාදයක් සහ නොසන්සුන්තාවයක් නිර්මාණය විය.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් කලහකාරී ලෙස හැසිරුණු එම පුද්ගලයා සත්යග්රහ භූමියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





