මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අද (20) උදෑසන හදිසියේම හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් දරුවන් 36 දෙනෙකු වහාම මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
උදෑසන ආහාරයෙන් පසු සිදු වූ දේ
වාර්තා වන අන්දමට, අද උදෑසන 8.45 ට පමණ පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් 96 දෙනෙකු උදෑසන ආහාරය ලබාගෙන තිබේ. එම ආහාරය ගැනීමෙන් පසුවයි මෙලෙස දරුවන් 36 දෙනෙකුට එකවර හුස්ම ගැනීමේ අපහසුතා මතුව ඇත්තේ.
සිසුන්ගෙන් වැඩි පිරිසක් නිවෙස් වලට
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝහලට රැගෙන ආ සිසුන්ගෙන් 30 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබාගෙන සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි. කෙසේ වෙතත් තවත් සිසුන් 06 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.






