මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඊයේ (21) දින රාත්‍රී කාලයේදී සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු දැනගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් සිකියුරුටි අංශය මඟින් බව පැවසේ.

සේවාවන්ට බාධාවක් නෑ

වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල වුවද, හෙට (23) දින සිට නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ හෙවත් Appointment සේවාවන් සාමාන්‍ය පරිදි කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඊළඟට කුමක්ද?

හෙට (23) සිට නාරාහේන්පිට පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) සේවා සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ.