ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අද (25) රාත්‍රී 10:00 ට මෙම වාන් දොරටු විවෘත කෙරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මී ඔය දෙපස ජනතාවට අනතුරු ඇඟවීමක්
මෙම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මී ඔය වෙත තත්පරයට ඝන අඩි 220 ක ජල ප්‍රමාණයක් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් තබ්බෝව ජලාශයට පහළින් පිහිටි මී ඔය ගංගා ද්‍රෝණියේ සහ ගඟ දෙපස ජීවත්වන ජනතාව ජල මට්ටමේ සිදුවන වෙනස්වීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





