ත්‍රිකුණාමලය, ඕර්ස් හිල් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති යුද හමුදා 22 වන බලඇණි කඳවුරු පරිශ්‍රයේ පිහිටි ගබඩාවක අද (21) අලුයම හදිසියේම ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න නිවා දැමූ අයුරු

මෙම ගිනි ගැනීම පිළිබඳව තොරතුරු වාර්තා වූ සැණින් ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලය නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වී තිබේ.

අනතුරුව යුද හමුදා සාමාජිකයින්ගේ ද සහාය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදමින් ගින්න මුළුමනින්ම පාලනය කර නිවා දැමීමට ඔවුන් සමත් වූ බව සඳහන් වේ.