ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සිදු කෙරෙන විශේෂ කාර්යයන්
මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සහ ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම සිදු කෙරේ.
හිමිකරුවන් නැති පරිශ්‍රවල මදුරුවන් බෝවන තැන් විනාශ කර පිරිසිදු කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීම් සිදු කිරීම මෙන්ම මෙහෙයුම් මැදිරියක් මගින් දෛනිකව කටයුතු අධීක්ෂණය කිරීම ද සැලසුම් කර ඇත.
හවුල්කාර පාර්ශ්ව රැසක් එක්වෙයි
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන ද මෙම වැඩසටහනට පූර්ණ සහය ලබා දීමට නියමිතය.






