හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණියේය. ඒ සිය ධුර කාලය තුළ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සමීපතමයකුගේ විමර්ශනයකට අදාළ නිල කැඳවීමකට අනුවය.
එහිදී පැය දෙක හමාරක පමණ කාලයක් පුරා අදාළ විමර්ශනය පිළිබඳව දීර්ඝ ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනාධිපතිවරයා, ඉන් අනතුරුව කාර්යාංශ පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වේ.
සුගීෂ්වර බණ්ඩාරට ඇති චෝදනාව
මෙම විමර්ශනයේ ප්‍රධාන සැකකරු වන්නේ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
එකම කාලයකදී රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගෙන රජයේ මුදල් අවභාවිත කළ බවට සුගීෂ්වර බණ්ඩාර මහතාට චෝදනා එල්ල වී ඇත. එම මූල්‍ය අවභාවිත චෝදනාව මත අත්අඩංගුවට පත් වූ ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.






