සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මෙම කරුණු දැනුම් දෙනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ, සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48 දක්වා සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි.
තවත් වගන්ති කිහිපයක් ඉවතට
මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතව තිබූ පච්ච හා සලකුණු පිළිබඳ ප්‍රතිපාදන ද ඉවත් කරගන්නා බව එහිදී දැනුම් දී තිබේ.
එමෙන්ම බරපතළ අපරාධ නඩුවකට අදාළ කරුණක් ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගත යුතු බවට දක්වා තිබූ වගන්තිය ද ඉවත් කරගැනීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර ඇත.






