ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI ආයතනයේ වඩාත්ම සංවේදී ජාතික අපරාධ තොරතුරු දත්ත ගබඩාව (NCIC) වෙත අනවසරයෙන් ඇතුළු වී සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ. විදේශ ප්රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ සිදුවීම වක්‍රව තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හරහා මීට පෙර හෙළි නොවූ වැදගත් කරුණු කිහිපයක් දැනගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි පවසමින් ජනාධිපතිවරයා ඊට වෙනස් මුහුණුවරක් දීමට උත්සාහ කළ බව ද සඳහන් වේ.
ආරක්ෂක අංශවල ප්‍රධාන පද්ධතියක්
ඇමරිකාව පුරා විසිරී සිටින නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් අපරාධ වරෙන්තු, පසුබිම් පරීක්ෂාවන් සහ සැකකරුවන්ගේ වාර්තා ක්ෂණිකව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන්නේ මෙම NCIC පද්ධතියයි. එහි ආරක්ෂණ විධිවිධාන මෙලෙස බිඳවැටී ඇති බව පුවත් සේවා තහවුරු කර තිබේ.
“අපට මේ පිළිබඳව දැනගන්නට ලැබුණා. මම කියන්නේ මෙය කිසිසේත්ම හොඳ දෙයක් නොවන බවයි. මම මෙයට කොහෙත්ම කැමති නැහැ”ඩොනල්ඩ් ට්‍රම්ප්
පිට පිට එල්ල වන ප්‍රහාර
මෙය මෙම වසර තුළදී FBI ආයතනය මුහුණ දුන් දෙවන ප්‍රධාන සයිබර් ප්‍රහාරය ලෙස සැලකේ. පසුගිය සතියේදී එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට (USDA) එරෙහිව ද මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදී හැකර් කණ්ඩායමක් විසින් FBI ආයතනයේ සේවකයන් 38,000 කගේ පෞද්ගලික සහ සංවේදී තොරතුරු සොරකම් කළ බවට ප්‍රකාශ කර තිබූ අතර, මාර්තු මාසයේදී ද අභ්‍යන්තර පරිගණක පද්ධතිවල සැකකටයුතු ක්‍රියාකාරකම් කිහිපයක් නිරීක්ෂණය වූ බව වාර්තා වේ.






