ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (22) දින විශාල ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන් එහි සේවය කළ තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මුදාගැනීමේ මෙහෙයුම්
ගින්න හටගත් අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් 15 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට සහන සේවකයින් කටයුතු කර තිබේ. කෙසේ වෙතත් තවත් සේවකයින් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වේ.
ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, අතුරුදන් වූ පිරිස ගොඩනැගිල්ල තුළ සිරවී සිටින්නට ඇතැයි බලධාරීන් සැක පළ කරයි. ඔවුන් මුදා ගැනීම වෙනුවෙන් සහන සේවකයින් මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





