ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් 17 සහ 18 යන දිනවල චෙන්නායි නුවරදී ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය කොටු කරගෙන ඇත. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට පත්වූ බව ඉන්දීය මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
පැකට් 69ක තිබූ හෙරොයින් තොගය
ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් විසින් සැකකටයුතු මෝටර් රථයක් සහ ඊට සමගාමීව ධාවනය වූ යතුරුපැදියක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී සුදු පැහැයට හුරු කුඩු අඩංගු පැකට් 69ක් සොයා ගැනීමට හැකිව තිබේ.
ලංකාවට ගෙන ඒමට හැදූ සැලසුම
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ චෙන්නායි නගරය සංක්‍රමණ මධ්‍යස්ථානයක් ලෙස යොදාගනිමින්, තිරුචි හරහා මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීම ජාවාරම්කරුවන්ගේ සැලසුම වී තිබූ බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම මේ වසර තුළ ඉන්දියාවේදී වාර්තා වූ විශාලතම තනි හෙරොයින් වැටලීම්වලින් එකක් බව ද ඉන්දීය මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කර ඇත.






