අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) දිනයේදී කැඳවා ඇති බව වාර්තා වේ. මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසිනි.
සහභාගී වන ප්‍රධානීන්
මෙම විශේෂ මාධ්‍ය හමුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එමෙන්ම අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඤානතිලක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





