ආහාර පිළියෙල කිරීම සඳහා යොදාගන්නා කල් ඉකුත් වූ තෙල් බෝතලයක් සම්බන්ධයෙන් කොළඹ අවන්හලක් පවත්වාගෙන ගිය සමාගමකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් පසුගියදා සිදුකළ සෝදිසි කිරීමකදී මෙම කල් ඉකුත් වූ තෙල් බෝතලය හමුවූ බව වාර්තා වේ.
අධිකරණයෙන් නියම වූ දඩය
මෙම සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය නොවැම්බර් 11 වනදා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
එහිදී නඩුව විභාග කළ අධිකරණය මගින් අදාළ සමාගමට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





