අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අභියාචනා සහ විරෝධතා භාරගැනීම නොවැම්බර් 15 දිනෙන් අවසන් කර තිබේ. ඉන්පසු තොරතුරු යාවත්කාලීන කර ප්‍රසිද්ධ කළ නව සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනයේ නම් සඳහන් අයට මෙලෙස බැංකු ගිණුම් විවෘත කිරීමට සහ තොරතුරු තහවුරු කිරීමට අවස්ථාව උදා වී ඇත.
නව ප්‍රතිලාභීන් මෙම මුදල් ලබාගැනීමටම වෙන්වූ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගිණුමක් විවෘත කළ යුතුව තිබේ. 2026.11.17 දින සිට තමාට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් ඒ සඳහා නිර්දේශ ලිපි ලබාගත හැක.
අනුගමනය කළ යුතු ක්‍රමවේදය
මෙම ගිණුම අනිවාර්යයෙන්ම රාජ්‍ය බැංකුවක විවෘත කළ යුතු බව සඳහන් වේ. ගිණුම ඇරඹූ පසු, ප්‍රතිලාභියා නැවතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ගිණුම් විස්තර යථාවත් කළ යුතු බව දැනුම් දී ඇත.
තමන් සතු අනෙකුත් බැංකු ගිණුම් තොරතුරු පරීක්ෂා කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉඩ ලබාදෙන බවට සියලු ප්‍රතිලාභීන් දිවුරුම් ප්‍රකාශයක් මගින් කැමැත්ත පළ කිරීම අනිවාර්ය වේ. ඊට අදාළ ආකෘති පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි අතර, දැනටමත් ක්‍රියාත්මක අස්වැසුම ගිණුමක් ඇති අය නැවත අලුතින් ගිණුම් විවෘත නොකළ යුතුය.
ඊළඟට කුමක්ද?
නව ප්‍රතිලාභීන්ට මෙන්ම දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට ද නොවැම්බර් මස අස්වැසුම දිමනාව 2026.11.27 දින ලබාදීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අපේක්ෂා කරයි.






