දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත 2026 වසර සඳහා රුපියල් බිලියන 2,402 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් නියම කර තිබුණි. එහෙත් එම ඉලක්කයද ඉක්මවා යමින් 2026 නොවැම්බර් 16 වන විට රුපියල් බිලියන 2,441.9 ක ආදායමක් එකතු කර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකිව තිබේ.
රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
පසුගිය වසරට වඩා කැපී පෙනෙන වර්ධනයක්
2025 නොවැම්බර් 16 දිනට සාපේක්ෂව බලන විට, 2026 නොවැම්බර් 16 වන විට රුපියල් බිලියන 491 ක අතිරේක ආදායමක් එකතු කර ගැනීමට හැකි වී ඇත. එය පෙර වසරට සාපේක්ෂව 115% ක ඉහළ වර්ධනයක් බව එම නිවේදනයේ සඳහන් වේ.
බදු පරිපාලනයේ පවතින ශක්තිමත්භාවය, ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව මෙන්ම බදු නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට ජනතාව තුළ ඇති ඉහළ නැඹුරුව මෙමඟින් මනාව පිළිඹිබු වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.






