1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි ලියකියවිලි බ්‍රේල් ක්‍රමයට සකස් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
දෘශ්‍යාබාධිත දරුවන්ට දැනුම දීමේ අරමුණ
මෙරට සිටින දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය මෙන්ම ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික දැනුම සහ අවබෝධය ලබා ගැනීමට මෙමඟින් පසුබිම සැකසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හරහා සියලු දරුවන්ගේ අයිතිවාසිකම් රැකගැනීම මෙහි මූලික අරමුණ බව සඳහන් වේ. කිසිදු දරුවෙකු මඟනොහැර ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සහ තොරතුරු ලබාගැනීමේ අවස්ථාව සෑම දරුවෙකුටම තහවුරු කිරීම අමාත්‍යාංශයේ ප්රමුඛ අපේක්ෂාව බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.






