කහවත්ත මූලික රෝහලේ පැරණි වාට්ටු අංක 04 සංකීර්ණයේ අද (17) අලුයම් කාලයේදී මෙලෙස හදිසි ගින්නක් හටගෙන තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට එම ගින්න මුළුමනින්ම මැඩපවත්වා ඇති බවත්, සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.

හේතුව තවමත් අබිරහසක්

මෙම හදිසි ගින්න හටගැනීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.