වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් රජයේ පවතින ස්ථාවරය කුමක්ද යන්න නීතිපතිවරයා විසින් අද (16) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නව වැටුප් මණ්ඩලයක් පත් කර අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා කම්කරුවන්ට සහනයක් ලබාදීමට රජය අපේක්ෂා කරන බව එහිදී ප්‍රකාශ විය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී කළ දැනුම් දීම
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විසින් රජයේ මෙම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





