බොස්ට්වානා රාජ්‍යයේ පැවති ලෝක යොවුන් මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය - 2026 (World Youth Ranking Table Tennis Tournament - 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චනුකි අක්ෂනා ක්‍රීඩිකාව අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලියේදී වයස අවුරුදු 13 න් පහළ අංශයෙන් මෙන්ම වයස අවුරුදු 15 න් පහළ අංශයෙන්ද තරග වැදුණු ඇය, එම අංශ දෙකෙන්ම රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වූවාය.
පියා සහ පුහුණුකරු දැක්වූ අදහස්
කටුනායකදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇයගේ පියා මෙන්ම පුහුණුකරුද වන ලක්ෂාන් හර්ෂණ මහතා සඳහන් කළේ, චනුකි අක්ෂනා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 16 වන ස්ථානයේ පසුවන බවයි. ඇය එම දස්කම පෙන්වා ඇත්තේ 2026 වසරේදී තරගාවලි 03 කට පමණක් සහභාගී වෙමිනි. අනෙක් විදේශීය තරගකාරිනියන් එවැනි ස්ථාන ලබා ගැනීමට 2026 වසරේ තරගාවලි 20 කට පමණ සහභාගී වී ඇති බවද ඔහු පැවසීය.
ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද මෙවැනි ලෝක මට්ටමේ තරගාවලි 10 කට පමණ සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නම්, ඇයට ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩිකාව වීමට පවා හැකියාව තිබූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. චනුකි අක්ෂනා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.






