මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කර ඇති බව දැනුම් දී තිබේ. නව වාහන ලියාපදිංචිය, අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර හා තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සේවාවන් රැසක් මේ හරහා කරගත හැකි බව සඳහන් වේ. කෙසේ වෙතත්, එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් කලින්ම දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.
වේලාවන් වෙන්කරවා ගැනීමට දුරකථන අංක
සේවාවන් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. ඊට අමතරව අදාළ ප්‍රදේශ අනුව දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී ඇත.
කොළඹ සඳහා 0112 117 116, ගම්පහ සඳහා 0332 117 116, කුරුණෑගල සඳහා 0372 117 116, හම්බන්තොට සඳහා 0472 117 116, අනුරාධපුරය සඳහා 0252 117 116 සහ යාපනය සඳහා 0212 117 116 යන දුරකථන අංක ඔස්සේ වේලාවන් වෙන්කරවා ගත හැක.
සාමාන්‍ය සේවාවලට කලින් වේලාවන් අවශ්‍ය නැහැ
මෙම කාර්යාල හරහා අලුතින් ලියාපදිංචි කරනු ලබන්නේ යතුරුපැදි පමණක් බව දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා කලින් වේලාවන් වෙන්කරවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද සඳහන් වේ.
සාමාන්‍ය පරිදි වාහන අයිතිය පැවරීමේ ලේඛන භාරදීම නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාද සිදුකර ගත හැකි බව දැනුම් දී තිබේ.






