ආපනශාලා මඟින් අලෙවි කරනු ලබන ප්‍රධාන ආහාර වර්ග කිහිපයක මිල ගණන් හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
අද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
මිල වැඩි වන ප්‍රමාණයන්
මෙම තීරණය අනුව සියලුම වර්ගයේ කෙටි කෑමවල මිල රුපියල් 05කින් ඉහළ දැමීමට නියමිත බව එම සංගමය සඳහන් කළේය. ඊට අමතරව රයිස්, කොත්තු මෙන්ම සාමාන්‍ය බත් පාර්සලයක මිල රුපියල් 15කින් වැඩි වන බව ද දැනුම් දී තිබේ.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස ආහාර නිෂ්පාදන වියදම පියවා ගැනීමට මිල ගණන් සංශෝධනය කිරීමට සිදු වූ බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියේය.






