ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට රැගෙන ආ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක තොගයක් තවමත් වරායේ රඳවාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ පිළිබඳව කරුණු අනාවරණය වී ඇත්තේ රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අනු කාරක සභාව හමුවට සීමා සහිත ත්‍රිපෝෂ සමාගම කැඳවූ අවස්ථාවේදීය.

සභාපතිවරයා පවසන හේතුව

එම කාරක සභා හමුවේ කරුණු දැක්වූ ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසා ඇත්තේ ආනයන හා අපනයන පාලක ජනරාල්වරිය මෙම බඩ ඉරිඟු තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා නොදීම නිසා මෙම ගැටලුව මතුව ඇති බවයි.