ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් මෙම නිවේදනය නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම අද (24) දින පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
අනතුරු ඇඟවීම් නිකුත් වූ ප්‍රදේශ
අදියර 2 හෙවත් Amber (තැඹිලි වර්ණය) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල සහ රඹුක්කන යන ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදියර 1 හෙවත් Yellow (කහ වර්ණය) යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ අරණායක ප්‍රදේශවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රදේශයටත් විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබේ.
ජනතාවට කළ දැනුම්දීම
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි අවදානම් තත්ත්වයන් මතුවිය හැකි බැවින්, එම කොට්ඨාසවල කඳුකර සහ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.






