නිශ්චිත මූල්‍ය කටයුතු 8ක් සඳහා නොවැම්බර් 1 වැනිදා සිට අනිවාර්ය කර තිබූ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ‘ටින් අංකය’ අනිවාර්ය කිරීම ලබන වසරේ (2027) අප්‍රේල් මස 1 වැනිදා දක්වා කල්දැමූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

තීරණය ගැනීමට හේතුව

ටින් අංකය ලබාගැනීමට ජනතාව තුළ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද සහිතව මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ජනතාවට මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම ටින් අංකය පහසුවෙන්ම ලබාගත හැකි බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.