මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කටයුතු වෙනුවෙන් නව දේශපාලන පක්ෂ තුනක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මේ බව තහවුරු කර තිබේ.
පිළිගත් නව පක්ෂ මොනවාද?
මෙසේ පිළිගැනීමට ලක්ව ඇත්තේ අප ජනතා පෙරමුණ, තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් සහ දෙමළ ජාතික හරිත සංවිධානය යන පක්ෂ තුනයි.
මෙම පක්ෂ තුන ලබන 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කෙරෙන බව සභාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.
සමස්ත පක්ෂ සංඛ්‍යාව 87ක් වෙයි
මෙම නව දේශපාලන පක්ෂ තුන එක්වීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් පිළිගෙන ඇති මුළු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.






